General03 August 2026

කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් රත්ගම වෙරළටත්

කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටි තොගයෙන් එක් කන්ටේනර් බහාලුමක් රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ වෙරළ තීරයට අද (02) පෙරවරුවේ ගොඩගසා තිබේ.

කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් සමුද්‍රීය අංශ දැනුවත් කිරීමෙන් පසු, දකුණු පළාත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ එය නිරීක්ෂණය කළා.
පසුව, කන්ටේනරයේ ඇතුළත තිබී වෙරළට ගොඩගසා තිබෙන රිජිෆෝම් කෑලි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes