International05 August 2026

ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට

ඉරාකයේ (Fly Baghdad) ගුවන් සේවයට සහ එම සමාගමට අයත් ගුවන් යානා දෙකකට පනවා තිබූ ත්‍රස්ත විරෝධී සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අදාළ ගුවන් සේවයේ ක්‍රියාකාරීත්වයේ සිදු වී ඇති යහපත් වෙනස්කම් සලකා බලමින් මෙම පියවර ගත් බවයි අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) කුඩ්ස් බලකාය (Quds Force) සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් 2024 වසරේදී අමෙරිකාව විසින් මෙම ගුවන් සේවයට සම්බාධක පනවා තිබුණා.

කෙසේ වෙතත්, මෙම සම්බාධක ඉවත් කිරීම සහ ගල්ෆ් කලාපයේ පවතින උපද්‍රකාරී තත්ත්වයන් නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර දැනට පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතර කිසිදු සෘජු සබඳතාවක් නොමැති බවද එම භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes