මෙක්සිකෝවේ ජනප්‍රිය ටික්ටොක් ක්‍රියාකරුවෙක් වන සීසර් ගැස්ටෙලම් (César Gastélum) සජීවී විකාශයක් සිදුකරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝවේ වයඹ දිග පිහිටි සිනාලෝවා ප්‍රාන්තයේ කුලියාකාන් (Culiacán) නගරයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ටික්ටොක් ගිණුම හරහා අනුගාමිකයින් 600,000කට අධික පිරිසක් සිටි ගැස්ටෙලම්, සජීවී විකාශය අතරතුර යතුරුපැදියකින් පැමිණි හිස්වැසුම් පැළඳ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
සිනාලෝවා ප්‍රාන්ත ආරක්ෂක නිලධාරියෙකු ඔහුගේ මරණය තහවුරු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන් කර තිබෙනවා.
මෙක්සිකෝ ෆෙඩරල් ආරක්ෂක කැබිනට් මණ්ඩලය සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරය සමාජ මාධ්‍ය ඔස්සේ ගැස්ටෙලම් විසින් පළ කළ ඇතැම් සටහන් සමග සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.
එහිදී ඔහු අපරාධ කණ්ඩායමක් පිළිබඳව සඳහන් කර ඇති බවට සැක පළ වී තිබෙනවා.
මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ශයින්බෝම් (Claudia Sheinbaum) ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් සහ එය මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බවයි.

Latest News
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026