අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය තුළින් සිදුවූ හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීරණය කරමින් Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 567ක (පවුම් මිලියන 421ක් පමණ) තවත් දඩයක් නියම කර තිබෙනවා.
මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් Meta සමාගමට එරෙහිව මෙතෙක් නියම වූ විශාලතම දඩ මුදල ලෙස සැලකෙන අතර, මීට පෙර නියම කළ ඩොලර් මිලියන 375ක දඩය සමග එකතුව සමාගම ගෙවිය යුතු මුළු මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නිව් මෙක්සිකෝ අධිකරණ විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් (Bryan Biedscheid) සඳහන් කර ඇත්තේ, Meta සමාගම "මහජනයට කරදරකාරී බලපෑමක්" ඇති කරන ආයතනයක් බවත්, එය වායු දූෂණය සිදු කරන කර්මාන්ත ශාලාවකට සමාන කළ හැකි බවත්.
මෙම නඩුව 2023 වසරේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අතර, Facebook, Instagram, WhatsApp සහ Threads ඇතුළු Meta වේදිකාවල නිර්දේශන (Recommendation) මගින් බාලවයස්කරුවන්ට හානිකර අන්තර්ගත සහ ලිංගික අපරාධකරුවන් සමග සම්බන්ධතා ඇතිවීමට ඉඩ සැලසූ බවට චෝදනා එල්ල වී තිබුණා.
අධිකරණ නියෝගයට අනුව, දඩ මුදලින් ඩොලර් මිලියන 420ක් දරුවන්ට සිදුව ඇති මානසික හානි සඳහා ප්‍රතිකාර සහ මනෝසෞඛ්‍ය වැඩසටහන් සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි මුදල් දැනුවත් කිරීමේ සහ වැළැක්වීමේ වැඩසටහන් සඳහා යොදා ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, Meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම තීන්දුවට එකඟ නොවන බවත්, එය අභියාචනයකට ලක් කරන බවත්.
සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ, තම සමාජ මාධ්‍ය වේදිකාවල තරුණ පරිශීලකයන්ගේ ආරක්ෂාව සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවයි.
මේ අතර, ලබන සතියේ කැලිෆෝනියාවේදී Meta සමාගමට එරෙහිව තවත් ප්‍රධාන නඩුවක් විභාගයට ගැනීමට නියමිත අතර, අමෙරිකානු ප්‍රාන්ත 30කට අධික සංඛ්‍යාවක නීතිපතිවරුන් ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කළ බවට සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

Latest News
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 05ක දඩ
Local
09 August 2026
කැනඩා ළැව් ගින්න සීඝ්රයෙන් පැතිර යයි: 20,000ක් ආරක්ෂිත ස්ථාන වෙත
Local
09 August 2026
ඊශ්‍රායල් අවන්හල් සහ ප්‍රතිසංස්කරණ රැකියා සඳහා වෙබ් ද්වාරය හෙට විවෘත වෙයි
Local
09 August 2026
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්: 2026 පළමු මාස 7 තුළ ඩොලර් බිලියන 5.3 ඉක්මවයි
Local
09 August 2026
සර්ෆ් ක්‍රීඩාවේ යෙදුණු විදේශිකයාගේ සිරුර වැලිගම වෙරළට ගොඩගසයි
Local
09 August 2026
මිනිබිරියන් සමඟ ගෙදර බූරු ගැසූ අවුරුදු 77ක මිත්තණිය ඇතුළු පිරිසට අත්අහිටවූ සිරදඬුවම්
Local
09 August 2026