කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, උපකරණ භාවිත කිරීම සහ ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් කෑගල්ල පෞද්ගලික රෝහලකට රුපියල් 520,000/- ක දඩයක් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කෑගල්ල, කොළඹ පාරේ පිහිටි පෞද්ගලික රෝහලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
රුධිර පරීක්ෂණයක් සඳහා පාරිභෝගික අධිකාරිය පනවා ඇති රු. 400/- ක පාලන මිල ඉක්මවා රු. 500/- ක මුදලක් අය කිරීම, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, රෝහල් රසායනාගාරය තුළ කල් ඉකුත් වූ HCV Rapid Test Cassettes ඇසුරුම් 20ක් සහ Clinical System Analyzers සඳහා වන කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (System Cleaning Solution & Acid Solution) ගබඩා කර තිබීම සහ
කල් ඉකුත් වූ එන්නත් කටු (Needles) විකිණීමට තැබීම යන චෝදනා තුනට නඩු ගොනු කර තිබුණා.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් 2026.07.24 වන දින සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ක්‍රියාකාරකම් අනාවරණය කරගෙන තිබුණා
අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, එල්ල වූ චෝදනා 03ටම විත්තිකාර රෝහල් ආයතනය වරද පිළිගත් අතර, එහිදී ගරු අධිකරණය විසින් රුපියල් 520,000/- ක දඩ මුදලක් නියම කිරීමට පියවර ගනු ලැබුවා.
මහජනතාවගේ සෞඛ්‍යයට හානියක් වන පරිදි කල් ඉකුත් වූ ඖෂධ හෝ රසායනික ද්‍රව්‍ය හා උපකරණ භාවිත කරන, පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් සහ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස දන්වා සිටියා.

Latest News
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු
Local
13 August 2026
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
13 August 2026