General12 August 2026

චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා

චීනය, ජපානය සහ පිලිපීනය යන රටවලට පසුගිය සතියේ බලපෑ සුළි කුණාටු හේතුවෙන් එම රටවල මිලියන ගණනක ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

පැසිෆික් සාගරයේ මේ වනවිට සුළි කුණාටු 3 ක් සක්‍රිය වී ඇති අතර චීනයේ නැගෙනහිර ප්‍රදේශයට කඩා වැදුණු ඩොල්ෆින් සුළි කුණාටුවේ බලපෑමෙන් චීනයේ බීජිං නගරයට දැඩි වර්ෂාපතනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, චැන්-හෝම් නිවර්තන කුණාටුවෙන් ජපානයේ ටෝකියෝ නුවර දෛනික කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මෙවැනි පසුබිමක පිලිපීනයේ ද මෝසම් වැසි සහ ඩොල්ෆින් කුණාටුව ඇතුළු අඛණ්ඩ කුණාටු මාලාවක් හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related recommendation
Hiru TV News | Programmes