සමාජ මාධ්‍යවල වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ක්‍රීඩකයා ලෙස සැලකෙන පෘතුගාල පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ වී තිබෙනවා.
ඔවුන්ගේ විවාහ උත්සවය පෘතුගාලයේ කැස්කයිස් ප්‍රදේශයේදී අඟහරුවාදා පැවති බව රොනාල්ඩෝගේ මාධ්‍ය කණ්ඩායම සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර 10කට ආසන්න කාලයක් පැවති ඔවුන්ගේ සබඳතාවයෙන් අනතුරුව මෙම විවාහය සිදුව ඇති අතර, විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානය සහ වේලාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී පෘතුගාල මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්.
41 හැවිරිදි රොනාල්ඩෝ සිය විවාහ මුදු පැළඳ සිටින යුවළගේ අත් දෙකෙහි ඡායාරූපයක් Instagram වෙත එක් කරමින් “C ❤️ G” යන සටහනද පළ කර තිබෙනවා.
විවාහ උත්සවය ඉතා පෞද්ගලික හා සරල උත්සවයක් ලෙස පවත්වා ඇති අතර, මෙම යුවළගේ දරුවන් ද ඊට සහභාගී වී ඇති බව සඳහන්.
32 හැවිරිදි ජෝර්ජිනා රොඩ්රිගස් මීට වසරකට පෙර Instagram ඔස්සේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබුණා.
රොනාල්ඩෝ සහ ජෝර්ජිනා 2016 වසරේදී මැඩ්රිඩ් නගරයේ වෙළෙඳසලකදී හමුවී තිබෙන අතර, ජෝර්ජිනා පසුව එය “පළමු බැල්මෙන්ම ඇති වූ ආදරයක්” ලෙස විස්තර කර තිබුණා.
මේ වනවිට මෙම යුවළ සමාජ මාධ්‍ය වේදිකා හරහා මිලියන 750කට අධික අනුගාමිකයින් පිරිසකට හිමිකම් කියන අතර, පාපන්දු ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ලොව ප්‍රකට යුවළක් ලෙසද සැලකෙනවා.

Latest News
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026