ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (12) නියෝග කළා.
සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ අධිකරණය, සැකකරු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් ජුනි 14 වැනිදා බැවින් දැනට දින 54 වඩා බන්ධනාගාර ගතව සිටින බැවින් ඇප මත මුදා හරින ලෙසයි.
තවද තම සේවාදායකයාගේ දියණිය විශාදය රෝගී තත්ත්වයට පත්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය වර්තා ඇති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරයා මෙලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
"ස්වාමීනී, මාගේ සේවාදායාට 2020 වසරේ සිට මේ දක්වා ඔහුගේ රුධිරවාහීනි ආශ්‍රිතව රුධිරය විෂ විම යන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. තවද ශ්වේත ප්‍රධානී රෝගී තත්ත්වයෙන් ද පෙළෙනවා. එය සිරගතව සිටියදී වැඩි වුණා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. තවද 11 හැවිරිදි ඔහුගේ දියණිය පශ්චාද් කම්පන ආතති තත්ත්වයට පත් වෙලා. එසේම පියා සිරගත විම නිසා මේ තත්වය වැඩි වෙලා රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවද මගේ සේවාදායකයාගේ 12 හැවිරිදි පුත්‍රයාද දැඩිව විශාදයට පත් වෙලා. තවද මොහුගේ බිරිඳගේ හැසිරීම් පවා වෙනස් වෙලා. දැඩි මානසික කැලඹීමකට පත්වෙලා සිටින්නේ සේවා දායකයා සිරගත වී සිටීම නිසා.
2019 සිට 2022 ජුනි 19 දක්වා තමා මගේ සේවාදායකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් වශයෙන් කටයුතු කළේ. 2022 ජුනි 22 වන දින එම සේවාවෙන් ඉවත් වෙලාත් පසුව තමයි ව්‍යාපෘති අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් රාජකාරිය භාර ගෙන තිබෙන්නේ. ඒ අනුව මගේ සේවාදායකට චෝදනා නොමැති බව පෙනී යනවා. එම කරුණු සුවිශේෂී කරුණු කරගෙන ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා"
එම අවස්ථාවේදි මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන් නිලධාරීන් දන්වා සිටියේ පෙර අවස්ථා දෙකේදීම මෙලෙසම සැකකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් පොදු දේපළ පනත යටතේ විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව ඇප ලබාදීමට සලකා බලන්නේ අසාමාන්‍ය කරුණු බවත් දියණිය පුතා සහ බිරිඳ සම්බන්ධයෙන් කරන ලද කරුණු සුවිශේෂී කරුණු නොවන බවට සඳහන් කළා.
Latest News
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026
ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගනී
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local
17 August 2026
ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගනියි
Local
17 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 337.34
Local
17 August 2026
වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට
Local
17 August 2026
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026
සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න: රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්
Local
17 August 2026
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026