අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර, එමගින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කාන්තාවගේ පෙම්වතා පෙදරේරුවෙකු ලෙස අදාළ ව්‍යාපාරිකයා යටතේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට ඇති අතර හදිසි අවශ්‍යතාවයකට කොළඹට පැමිණෙන තම පෙම්වතියට එක් දිනක් සඳහා ව්‍යාපාරිකයාගේ නිවසේ නවාතැන් දිය හැකි දැයි ඔහු විමසා තිබෙනවා.
පෙදරේරුවාගේ බිරිඳ සහ ඇයගේ මව ව්‍යාපාරිකයා කාලයක සිට හඳුනන නමුත්, තමන් නිවසේ තනිව වෙසෙන බැවින් පෙම්වතියට පමණක් නවාතැන් දිය නොහැකි බවත්, මව සමග පැමිණෙන්නේ නම් නවාතැන් දිය හැකි බවත් ව්‍යාපාරිකයා පවසා ඇති බව සඳහන්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පෙදරේරුවා සිය පෙම්වතියට මව සමග ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් එහි නතර වී සිටින අතරතුර ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් සොරකම් කරන ලෙස උපදෙස් දී තිබූ බවයි.
ඒ අනුව, එක් රැයක් පමණක් නිවසේ නතර වූ සැකකාර කාන්තාව සහ ඇයගේ මව, රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර නිවසින් පලා ගොස් තිබෙනවා.
නිවසින් පලා යන අතරතුර පෙදරේරුවා ද ඔවුන් සමග එකතු වී ඇති අතර අතරමගදී සොරකම් කරන ලද බැංකු කාඩ්පත් මගින් රුපියල් පනස්දහසක මුදලක් ලබාගෙන තිබෙනවා.
ඉන්පසු ඔවුන් වාද්දුව ප්‍රදේශයේදී සිය විවාහය ලියාපදිංචි කර, එදිනම රාත්‍රියේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක මංගල මධුසමය ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මධුසමය ගත කිරීමෙන් පසු පසුදින ඔවුන් වැලිගම ප්‍රදේශයට යමින් සිටියදී, වරෙන්තු කිහිපයක් මත සැකකාර කාන්තාවගේ පෙම්වතා බව කියන පෙදරේරුවා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විට ඔහු සතුව මත්ද්‍රව්‍ය ද තිබී හමු වී තිබෙනවා.
තම පෙම්වතා අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකාර කාන්තාව මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇය සොරාගත් බැංකු කාඩ්පත් භාවිතා කරමින් නවීන ජංගම දුරකතන දෙකක්, රන් භාණ්ඩ සහ විවිධ දෑ මිලදී ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
බැංකු කාඩ්පත් භාවිතා කරන ලද අලෙවිසැල්වල ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙකුගේ උපදෙස් මත සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර පදිංචි 26 හැවිරිදි එක් දරු මවක්.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Latest News
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026
වැට් බද්ද ගැන විශේෂ දැනුම්දීමක්
Local
13 August 2026
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026