General13 August 2026

මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ පළමු චාරිත්‍රය වන සිව් මහා දේවාලවල කප් සිටුවීම අද පෙරවරු 6.17ට යෙදුණු සුබ නැකතින් සිදු කරනු ලැබුවා.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර මේ මස 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට මේ මස 22 වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වෙනු ඇති.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර එළඹෙන 23 වැනිදා වීථි සංචාරය ආරම්භ කරනවා.

අවසන් මහා රන්දෝලි පෙරහැර ලබන 27 වැනිදාට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහොය දින වීථි සංචාරය කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes