General13 August 2026

කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ

දෙහිවල ප්‍රදේශයේ කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ ආලේපන භාවිතා කරමින් පවත්වාගෙන ගිය බව කියන රූපලාවණ්‍ය ආයතනය වටලා එහි හිමිකරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම ස්ථානයේ තිබී කල් ඉකුත් වූ ආලේපන සහ හිස සම්භාහනය කිරීමට යොදා ගන්නා ක්‍රීම් වර්ග පාරිභෝගික සේවා පිළිබඳව අධිකාරිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ භාවිතා කරන ලද අමුද්‍රව්‍ය පාරිභෝගික කටයුතු අධිකාරිය ඔවුන් බාරයට ගත් අතර එම රූපලාවණ්‍ය ආයතනයේ හිමිකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමටට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes