General13 August 2026

වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

වත්තල - පල්ලියවත්ත, කදිරාන පාලම අසල උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවට පලා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඒ ඔවුන් එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි. පසුගිය මස 23 වනදා රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුවූ අතර, පසුව ඊට ආධාර අනුබල දුන් කාන්තාවක ඇතුළු හතරදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාල වෙඩි තැබීම මට්ටක්කුලිය මනෝජ්, සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පරෙවි සුදා සහ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දිප්පිටිගොඩ ළහිරු ඇතුලු කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

කුඩු රොෂාන් නැමති පුද්ගලයෙකු වෙඩි තැබීමේ ඉලක්කය වී තිබූ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබුනේ පත්වූයේ ඔහු නොව 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වනාතේ සුමේධ නමැත්තෙක්.
Related recommendation
Hiru TV News | Programmes