General16 August 2026

හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි

අත්තනෝමතික ලෙස ආනයනික වාහනවල මිල ඉහළ දැමීම පිටුපස මාෆියාවක් පවතින බවට වන මතය ප්‍රතික්ෂේප කළ නොහැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසනවා.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ, ආනයනික වාහන මත පනවා ඇති 50% ක රේගු අධිභාරය හේතුවෙන් වාහන මිල යළි ඉහළ යා හැකි බවට ඉදිරිපත් වී ඇති මතය පිළිබද හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

වාහන ආනයනකරුවන් පවසන්නේ මෙම 50% ක රේගු අධිභාරය හේතුවෙන් වාහන මිල රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ පනහ දක්වා මිල පරාසයක් තුළ ඉහළ යාමක් සිදු විය හැකි බවයි.

ආර්ථික අර්බුදයත් සමග මෙරටට වාහන ආනයනය කිරීම නවතා දමා තිබුණ ද පසුගිය වසරේදී නැවතත් වාහන ආනයනය කිරීමට අවසර හිමිවුණා.

කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා සිට මාස තුනක් සඳහා වාහන ආනයනයේදී 50% ක රේගු බදු අධිභාරයක් පනවනු ලැබුවා.

අදාල බද්ද ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණේ.
Related recommendation
Hiru TV News | Programmes