අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති දමිළ භාෂා 01 ශ්‍රේණියේ 03 වන වාරයට අදාළව කියා ක්‍රියාකාරකම් පොත් සහ පෙළ පොත් තොගයක් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත නියමිත පරිදි භාර නොදී සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් ඉසුරු පාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි තලංගම පොලිසිය සඳහන් කරනවා.
රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892 ක් එලෙස බාර දී නැතැයි ඉසුරු පාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්( නිෂ්පාදන හා බෙදාහැරීමේ) එන් ඩබ්ලිව් ඩි හිරෝෂි ගුණවර්ධන කරන ලද පැමිණිල්ලේ සඳහන්.
ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටා ඇති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද එකී පොත් තොගය ප්‍රවාහනය සඳහා බියගම , සියඹලාපේ , සමෘද්ධි මාවතේ ආයතනයක් මගින් ගිවිසුම්ගතව ටස්මා ඉන්ටර්නැෂනල් ආයතනය වෙත 2026.05.04 වෙනිදින 43-9874 ලියාපදිංචි අංක දරණ ලොරි රථයෙන් එහි රියදුරු බාරයේ රැගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්.
එම පෙළපොත් හා ක්‍රියාකාරකම් පොත් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 ක් සඳහා නියමිත පරිදි බෙදා හැර නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත භාරව සිටින ජගත් වන්නිහාරච්චි යන අය විසින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ඉකුත් 07 වෙනි දින දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ල කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරෙනවා.

Latest News
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026
අඟුලාන නාවික අනතුර: මූලික විමර්ශනයට විශේෂ කමිටුවක්
Local
16 August 2026
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026