General16 August 2026

ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර

අම්පාර දිස්ත්‍රික්කයේ කාරතීව්, පෙරියනීලාවනෙයි සහ නින්තවූර් යන ප්‍රදේශවල ධීවරයින්ගේ ප්‍රයෝජනය සඳහා විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.

ධීවරයින්ගේ දෛනික රැකියාමය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් ධීවර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අනුකූලව, පෙරියනීලාවනෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ශාලාව සඳහා රුපියල් මිලියන 24 ක්ද, කාරයිතීවු සහ නින්තවූර් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත ශාලා සඳහා රුපියල් මිලියන 22 බැගින්ද වෙන්කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes