General16 August 2026

අයගමදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ප්‍රපාතයෙන් ගොඩගැනීමට යුද හමුදා මෙහෙයුමක්

අයගම, ඉන්දොලවත්ත, ගලේ පන්සල ආසන්නයෙන් දින හයකට පමණ පෙර අතුරුදන්වූ බව කියූ පුද්ගලයා ප්‍රපාතයකට වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයාගේ මළ සිරුර ගොඩගැනීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් පරිදි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ යුද හමුදා කමාන්ඩෝ බළකා සෙබළුන් විශේෂ මෙහෙයුමකට යොදවා ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

මේ වන විට එම සෙබළුන් කඹ ආධාරයෙන් ප්‍රපාතය පහළට ගමන් කරමින්, එම පුද්ගලයාගේ සිරුර රැඳී තිබෙන ස්ථානයට ළඟා වෙමින් සිටින බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes