General16 August 2026

මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ

මීරිගම - මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අද (16) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ පස්වරුවේ මාඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලුණු අතර එහිදී ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවූ 19 හැවිරිදි තරුණයෙකු ද ඊයේ (15) මියගිය බවයි වාර්තා වුණේ.
Related recommendation
Hiru TV News | Programmes