General16 August 2026

එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී උද්ධමනය ඉහළ යාමේ ප්‍රධාන අවදානමක් මෙන්ම ආර්ථිකයේ වර්ධනයට බරපතල තර්ජනයක් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අගෝස්තු මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් මහ බැංකුව පවසන්නේ, දීර්ඝකාලීනව පවතින වියළි කාලගුණය සහ වර්ෂාපතන රටා මගින් කෘෂි නිෂ්පාදනයට බාධා පැමිණීම මෙම තත්ත්වයට හේතුවිය හැකි බවයි.

මේ අතර, මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව, මිහින්තලය, අනුරාධපුර,මොණරාගල ඇතුළු ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මේ දිනවල තරමක වැසි පතිත වුව ද, අනුරාධපුර, පොළොන්නරුව, වැල්ලවාය, අම්පාර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පවතින්නේ දැඩි වියළි කාලගුණ තත්ත්වයක්.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකම ජනජීවිතයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද දැඩි බාධා මතුව තිබෙනවා.

මේ අතර හිඟුරක්ගොඩ - කිතුල්උතුව ගම්මානයේ ජනතාව පවසන්නේ, කිතුල්උතුව වැව සිඳීයාමෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි.
Related recommendation
Hiru TV News | Programmes