2026 වර්ෂයට අදාලව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026 අගෝස්තු 07 වන දින නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව 2019 (නව හා පැරණි විෂය නිර්දේශ), 2020 (නව හා පැරණි විෂය නිර්දේශ), 2021, 2022 සහ 2023 යන වර්ෂයන්ට අදාළව උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවලින් සමත් වූ (අවම සුදුසුකම ලෙස සාමාන්‍ය සාමාර්ථ - S 03ක් ලබා ඇති) අයවලුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේ.
මෙම පුහුණුව සඳහා බඳවා ගැනීම සිදුකෙරෙන තනතුරු 08 වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, දන්ත කාර්මික ශිල්පී, අංගාදේශක හා සෘජුකරණඥ, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ඛන්තු රේඛන ශිල්පී, ඖෂධ සංයෝජක සහ විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු යන තනතුරු වේ.
කෙසේ වෙතත්, ඒ ඒ තනතුරු අනුව මූලික සුදුසුකම් වෙනස් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වන දින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Latest News
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026