Entertainment21 August 2026

චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්

චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක් කාගේත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

සැබෑ මත්ස්‍යයකුට බෙහෙවින් සමාන මෙම රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් පමණ වනවා.

එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතුයි.

මෙම රොබෝ මත්ස්‍යයාගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි මුඛය තුළ කාවද්දා ඇති අධෝරක්ත හඳුනාගැනීමේ මොඩියුලයයි.

මෙමඟින් ජලය යට ගමන් කරන විට ජලජ පැළෑටි සහ ගල් වැනි බාධක පහසුවෙන් හඳුනාගෙන ඒවා මඟහැර යාමට මෙම රොබෝ මත්ස්‍යයාට හැකි වනවා.

විශේෂයෙන්ම විශාල උපකරණවලට ගමන් කිරීමට නොහැකි තරම් පටු ප්‍රදේශවලට සුමට ලෙස ඇතුළු වීමටත්, මිනිසුන් වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් මෙම සංයුක්ත රොබෝ මත්ස්‍යයාට ඇති හැකියාව සුවිශේෂීයි.
Related recommendation
Hiru TV News | Programmes