කොළඹ 07, ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමුවැයි කියන සිද්ධියකට අදාලව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයා ලබන 24 වැනිදා තෙක් පරිවාස භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් මෙලෙස නියෝග කළා.
මෙම සිද්ධියට අදාල මෙම සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් පසු මාකොළ රැදවුම් නිවාසයේ සිටි බවත් එහි සිටි වෙනත් දරුවෙකු විසින් පහරදී මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද සැකකාර සිසුවා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා අධිකරණයට දැන්වුවා.
තවද පහර දෙනු ලැබූ දරුවා මානසික ආබාධ සහිතව සිටි අයෙකු බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ගෙන් විමසා සිටියේ සාමාන්‍ය දරුවන් සහ මානසික ආබාධිත සහිත දරුවන් පරිවාස භූමිය තුළ වෙන්කර තැබිය යුතු බවයි.
එවැනි ලෙස ක්‍රියා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවාට පහරදීම දැක්විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට නියෝග කළා.
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයා සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නැමැති බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයෙකි.
පසුගිය අගෝස්තු 08 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී මෙම සිදුවීම සිදුව තිබේ. ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටි සැකකාර
සිසුවා ඇතුලු ක්‍රීඩකයන් පිරිසක් පැන් පානය සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේ එහි ජලය නොතිබීම මුල් කරගනිමින් සේවකයා සහ ක්‍රීඩකයන් අතර උණුසුම් බහින්බස් වීමක් හටගෙන ඇති බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.
එහිදී එම සේවකයා එක් ක්රීඩකයකුට පහරදීමට උත්සාහ දරා ඇති අතර, පසුව මෙම 17 හැවිරිදි ක්‍රීඩකයාට ද පහරදීමට තැත් කිරීමේදී අදාල ක්‍රීඩකයා විසින් සේවකයාට පහරක් එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ
පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 10 වැනිදා මියගොස් තිබෙනවා.
මියගිය තැනැත්තා හෘද රෝගියකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්වීම නිසා, මෙම මරණය පහරදීම හේතුවෙන් සිදුවූවක්ද නැතහොත් හෘදයාබාධයක් වැනි රෝගී තත්ත්වයක් මත සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පවත්වා තිබෙන බවද පොලිසිය දැන්වුවා.
සිද්ධියට අදාල මරණ සාක්ෂි විභාගය ලබන 24 ආරම්භ කිරීමට නියමිතයි.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026