General18 August 2026

මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්

මගී ඩ්‍රෝන යානා සේවාවක් මෙරට තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අදාළ සේවාව සැපයීමට ඉදිරිපත්ව සිටින චීනයේ ඊ-හැන්ග් සමාගමේ නියෝජිත කණ්ඩායමක් ද ඊට එක්ව සිටි බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

මගී ඩ්‍රෝන යානා මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වාණිජ වශයෙන් ආරම්භ කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, හදිසි මෙහෙයුම්, සයිබර් ආරක්ෂාව හා ගොඩබැස්වීමේ ස්ථාන ඇතුළු සියළු කරුණු සම්බන්ධයෙන් බලධාරින්ගේ විධිමත් අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍ය බව අමාත්‍ය අනුර කරුණාතිලක එහිදී අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes