General20 August 2026

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

මෙවර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 25 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.

ඇගයීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes