රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඩී .එන් .ඒ සහ ඡායාරූප පරීක්ෂා කර වාර්තා ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ අද (21) දන්වා සිටියා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉෂාරා සෙව්වන්දි ඇතුලු සැකකරුවන් ලබන 4 වැනිදා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ 2026/8/17 වන දින මෙම සැකකාරිය රජයේ රස පරීක්ෂක වෙත මුහුණු පරීක්ෂාව සඳහා යොමු කළ බවත් එහිදී ඩී.එන්.ඒ සාම්පල් , ඡායාරූප සටහන් සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමක් සිදුකළ බවයි.
තවද මෙම සිද්ධියට අදාල 32 වැනි සැකකරුවන බටුවත්තේ චාමරට සහ ගම්පහ ඔස්මන්ට ලබාගෙන තිබූ රැඳවුම් නියෝග 8/13 වන දිනෙන් අවසන් වන බැවින් තවත් දින අනූවක රැදවුම් නියෝග කාලයක් ලබාගෙන ඇති බව අධිකරණයට දැන්වුවා.
තවද සිද්ධියට අදාල 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට යාපනය හරහා මන්නාරමට පලා යාමට කටයුතු කළ 41/42 වැනි සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග මත සිටින බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
තවද මෙම සිද්ධියට අදාළව රතු නිවේදන නිකුත් කර ඕමාන්වලදී අත්අඩංගුවට ගත් මට්ටක්කුලියේ චතු නමැත්තාද මේ වන විට දින අනුවක රැඳවුම් නියෝග මත සිටින බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.
එම සැකකරුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශ වලදී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට පෙර දිනක එනම් 2025/2/17දින ඉෂාරා සෙව්වන්ගේ සමඟ මෙම සැකකරුද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පරීක්ෂා කර ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
ඔවුන් එසේ පරීක්ෂා කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් ලබා දුන් මුදල් මත බවයි අපරාධ කොට්ඨාශය අධිකරණ දන්වා සිටියේ.
තවද මෙම සිද්ධියට අදාලව විසි අටවන සැකකාරිය වන තමරා කුමාරී යන නීතිඥවරිය විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ හැදුනුම්පත් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලැබී තිබෙන බවත් එම වාර්තාව අනුව පැහැදිලි වන්නේ තමරාගේ හැදුනුම්පත උපයෝගී කරගෙන මෙම අපරාධය සිදුකළ ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
තවද මෙම සිද්ධියට අදාළව විසි නව වන සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කරන බැවින් තවදුරටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙක් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් බන්ධනාගාරයේ සිට සුම් තාක්ෂණය ඔස්සේ පෙනී සිටියා.

Latest News
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026