International07 September 2026

AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්

චීනයේ උත්තරීතර මහජන අධිකරණය විසින් කෘත්‍රිම බුද්ධිය වැරදි ලෙස භාවිත කරමින් සිදු කරන අපරාධ සහ නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීමට දැඩි නීතිමය මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමඟ වේගයෙන් ව්‍යාප්ත වන ඩීප්ෆේක් වීඩියෝ, පුද්ගලයින්ගේ හඬ අනුකරණය කිරීම් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මියගිය පුද්ගලයින් ඩිජිටල් ලෙස යළි ජීවමාන කිරීම වැනි අංශ මෙහිදී නියාමනයට යටත් වනවා.

නව නීති මඟින් පුද්ගල පෞද්ගලිකත්වයට, කීර්තිනාමයට සහ ඩිජිටල් අයිතිවාසිකම්වලට සිදුවන හානි වැළැක්වීම මූලික අරමුණ කරගෙන ඇති බව සඳහන්.

මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිසි ලෙස පාලනය නොකළහොත් එය සමස්ත මනුෂ්‍යත්වයේම පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් අනතුරු ඇඟවන්නේ.
Related recommendation
Hiru TV News | Programmes