General09 March 2013

මහියංගනයේ නිවසක පිරිමි මළ සිරුරු දෙකක්.

මහියංගනය - තලංගමුව -  තුනේ කණුව ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරු දෙකක් පොලිසිය අද (09) පස්වරුවේ සොයා ගත්තා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු එම නිවසේම පදිංචි පදියතලාව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහුගේ වයස අවුරුදු 47 ක්. නිවස තුළ මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධියේදී මියගොස් සිටි අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 21 ක්. ඔහුගේ මරණය සැක සහිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes