උතුරුමැද ඇතුළු දිවයිනේ පළාත් කිහිපයක පැතිර යන වකුගඩු රෝගයට හේතුවක් ලෙස සැලකෙන කැඞ්මියම් නමැති රසායනිකය, මෙරටට ආනයනය කරන සුදු සීනි තුළ අන්තර්ගත වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ අමාත්‍යාංශයේ විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ මූලික පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණය වූ බවයි. මේ අතර, මිනිස් ශරීරයට නුසුදුසු විෂ සහිත මෙවැනි රසායනික ද්‍රව්‍ය පරිප්පු, ඇතුළු ආනයනික ආහාර ද්‍රව්‍යවල පවතින්නේ ද යන්න පිලිබඳව ද සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.
වසරක් තුළ මෙරටට සුදු සීනි මෙටි්රක් ටොන් පන් ලක්ෂ පනස් දහසක් සිංගප්පූරුවෙන්, බ්‍රසීලයෙන් සහ මධ්‍යම ඇමෙරිකානු රටවලින් ආනයනය කරනු ලබනවා. මෙරට දෛනික සීනි පරිභෝජනය ටොන් 1600 ක් පමණ වන අතර, ඉන් සියයට 91 ක්ම ආනයනික සුදු සීනි බවයි වාර්තා වන්නේ.
හඳුනානොගත් වකුගඩු රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ කැඞ්මියම් රසායනිකය වකුගඩු රෝගයට මෙන්ම, පිළිකා රෝග කාරකයක් ලෙස ද සැලකිය හැකි බවයි.
[MP3]s59134[/MP3]
මේ අතර, ඉදිරියේදී, මෙරටට කිරිපිටි ආනයනය කිරීමේදී පිළිගත් රසායනාගාර පරීක්ෂණයකින් පසු හානිකර ඩයිසයිනමයිඞ් නැමති රසායනිකය ඒවායේ අන්තර්ගත නොවන බවට තහවුරු කළ යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කිරිපිටි සමාගම් වෙත දැනුම්දීමක් ද සිදුකළා.
Latest News
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්