General15 December 2013

වීඩීයෝ : මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ කටාන පවර් මෑන් ක්‍රීඩා සමාජයට.

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කළ මිස්ටර් ශ්‍රී ලංකා කාය වර්ධන තරගාවලිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. මෙවර තරගාවලිය පැවැත්වුණේ 66 වන වරටයි. තරගය සඳහා තරගකරුවන් 125 දෙනෙකු ඉදිරිපත් වුණා. බර පන්ති 10ක් යටතේ තරග වදිමින් මෙවර මිස්ටර් ශ්‍රී ලංකා ලෙස අභිෂේක ලැබුවේ කටාන පවර් මෑන් ක්‍රීඩා සමාජයයි. නාවික හමුදාව විසින් අනුශූරතාව දිනා ගත් අතර, තුන්වන ස්ථානය දිනා ගත්තේ යුධ හමුදාවයි. ජයග්‍රාහකයන්ට ශූරතා කුසලානය පිරිනැමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් විසින්.


ඒම අවස්ථාවේ වීඩීයෝ දර්ශන


ඡායාරූප පහතින්

[JPG]73499_1[/JPG]
[JPG]73499_2[/JPG]
[JPG]73499_3[/JPG]
[JPG]73499_4[/JPG]
[JPG]73499_5[/JPG]
[JPG]73499_6[/JPG]
[JPG]73499_7[/JPG]
Related recommendation
Hiru TV News | Programmes