Business30 March 2017

i phone වලට අභියෝග කරමින් නවතම Samsung Galaxy S8 දුරකථනය එලියට එයි

Samsung Galaxy S8 ජංගම දුරකථනය ඊයේ (29) හඳුන්වා දෙනු ලැබුවා.

මෙම ජංගම දුරකතනයේ තිරය මුළු දුරකථනය පුරාම විහිඳුණු විශේෂිත එකක් බවයි Samsung සමාගම සඳහන් කරන්නේ.

2016 වර්ෂයේ නිකුත් වූ Samsung Galaxy S7 දුරකතනයේ තිබූ දෝෂ සියල්ල නිවැරදි කොට නව උපාංග එක් කරමින් මෙය හඳුන්වා දී තිබෙනවා.

විශේෂයෙන් මෙහි ඇස හඳුනා ගැනීමේ මෘදුකාංගයක් ඇතුළත් අතර Samsung Galaxy දුරකථනවල ඇති home button එක මේ තුලින් ඉවත් කර ඇති බවයි එම සාමාගම පෙන්වා දෙන්නේ.

ඒ අනුව ස්පර්ශකවලට ප්‍රතිචාරදක්වන ආකාරයට මෙහි මෙනුව ක්‍රියාත්මකයි.

මෙම ජංගම දුරකථනය ශ්‍රී ලංකා මුදලින් එක්ලක්ෂ තිස් පන්දහස ඉක්මවන බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් iphone වලට ඉදිරියේදී මෙම Samsung Galaxy S8 දුරකථනය අභියෝගයක් විය හැකි බවයි දුරකථන නිෂ්පාදකවරුන් සඳහන් කර තිබෙන්නේ.

Samsung Galaxy S8 ජංගම දුරකථනයේ ඇති සියලු පහසුකම් පහතින් නරඹන්න.

Related recommendation
Hiru TV News | Programmes