ගෝලීය ගුවන් සේවා ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුව බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජුනි 6 සිට 8 දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙම වාර්ෂික මහා සභාව කැඳවා ඇත්තේ, ඉන්ධන අර්බුදය මෙන්ම ගුවන් සමාගම්වලට ඉක්මනින් විසඳාගත නොහැකි තවත් ප්‍රධාන ගැටලුවක් වන නව ගුවන් යානා හිඟය ද මතු වී ඇති මොහොතකයි.
මෙහිදී, බෝයිං (Boeing) සහ එයාර්බස් (Airbus) සමාගම්වල ගුවන් යානා සැපයීමේ ප්‍රමාදයන් හේතුවෙන්, පැරණි සහ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් අඩු ජෙට් යානා වැඩි කාලයක් සේවයේ යෙදවීමට ගුවන් සමාගම්වලට සිදුව තිබෙනවා.
ලෝකයේ සමස්ත ගුවන් ගමන්වලින් 85%කට හිමිකම් කියන ගුවන් සේවා 370කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන IATA සංවිධානය, මෙම යුද තත්ත්වයට පෙර පුරෝකථනය කර තිබුණේ ගුවන් ක්ෂේත්රය මෙරට වසරේදී ඩොලර් බිලියන 41ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබනු ඇති බවයි.
කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය හමුවේ එම අපේක්ෂිත ලාභය පිළිබඳ පුරෝකථනයන් මෙම සමුළුවේදී පහත හෙළනු ඇතැයි විධායක නිලධාරීන් සහ විශ්ලේෂකයෝ විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගෝලීය ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) 21 දෙනෙකු ඇසුරින් ඩෙලොයිට් (Deloitte) ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව, ඉන්ධන මිලෙහි උච්චාවචනය සහ උද්ධමනය වත්මන් ක්ෂේත්රයේ ප්‍රධානතම අවදානම් බවට පත්ව තිබෙනවා.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී පැට්රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
හැකර් සිද්ධියේ වාර්තාව ගැන කතාකරන්න මුදල් කාරක සභාව හෙට රැස්වෙයි
Local
07 June 2026
කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුද රළු වෙයි: ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
Local
07 June 2026
ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානා හිඟය හමුවේ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රය දැඩි අර්බුදයක
Local
07 June 2026
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං
Local
07 June 2026
CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි
Local
07 June 2026
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026