ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ මෙගාවොට් 100 (MW) සූර්ය බලශක්ති උත්පාදන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා WindForce PLC සමඟ හවුල්කාරිත්වයකට එළඹුණු බව නිවේදනය කළේය. මෙරට බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට, විදුලි පිරිවැය අඩු කිරීමට සහ දහස් ගණනක රැකියා අවස්ථා උත්පාදනය කිරීමට දායක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය (GWh) 220ක් පමණ පිරිසිදු විදුලිය උත්පාදනය කිරීමට අපේක්ෂිතය. මෙය 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50–70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය කරා යන ගමනට දැඩි ශක්තියක් වේ. එමෙන්ම, මෙමගින් විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය තහවුරු වන අතර පාරිභෝගිකයින්ගේ විදුලි පිරිවැය අඩු වීමට දායක වනු ඇත.
තවද, පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්රවල නිපුණ සහ අර්ධ නිපුණ රැකියා ඇතුළුව රැකියා අවස්ථා 3,000කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වීමට නියමිතය.
IFC විසින් WindForce PLC හි මෙම සූර්ය විදුලි බලාගාරය සහ ඒ සඳහා අදාළ යටිතල පහසුකම් සඳහා මූල්‍යය සැපයීම වෙනුවෙන්, IDA21 පුද්ගලික අංශ කවුළුව (Private Sector Window – IDA PSW) යටතේ ඇති දේශීය මුදල් පහසුකම මගින් සහය ලබන, දේශීය මුදල් ණයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් දක්වා ආයෝජනය කරයි.
WindForce PLC කළමනාකාර අධ්යක්ෂ මංජුල පෙරේරා මහතා පැවසුවේ, “ලොව පිළිගත් සංවර්ධන මූල්‍ය ආයතනයක් වන IFC සමඟ අත්වැල් බැඳගැනීම අපගේ උපාය මාර්ග, පාලන ප්රමිතීන් සහ දිගුකාලීන දැක්ම පිළිබඳ තැබූ විශාල විශ්වාසයකි. මෙම මූල්‍ය පහසුකම හරහා පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති ගබඩා කිරීමේ ආයෝජන වේගවත් කිරීමටත්, එමඟින් ශ්‍රී ලංකාව වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් කරා ගෙන යාමටත් අපට හැකි වනු ඇත,” යනුවෙනි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහයේ දේශීය කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් මහතා පැවසුවේ, “විශ්වාසනීය සහ දැරිය හැකි බලශක්තිය ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා මූලික පදනම වේ. ආර්ථික අර්බුදයෙන් පසු බලශක්ති යටිතල පහසුකම් ක්ෂේත්රයේ IFC සිදු කළ පළමු ආයෝජනය මෙයයි. නිසි ප්‍රතිසංස්කරණ සහ WindForce වැනි හවුල්කරුවන්ගේ සහයෝගීතාවය තුළින් පුද්ගලික ප්රාග්ධනය මෙරට බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කිරීමටත්, බලශක්ති සුරක්ෂිතතාව සහ රැකියා උත්පාදනය ශක්තිමත් කිරීමටත් දායක වන ආකාරය මෙයින් පැහැදිලි වේ,” යනුවෙනි.
Latest News
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
භාණ්ඩාගාර ලේකම් හෙට COPE කමිටුවට නොයෙන බව කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
චීන යුද නැව් දෙකක් නිසා තායිවානය සීරුවෙන්
ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්
තම කටහඬ සහ රූපය සුරැකීමට ටේලර් ස්විෆ්ට්ගෙන් දැවැන්ත නීතිමය පියවරක්
හැටන්-දික්ඔය බස් අනතුරින් අයෙක් මරුට
'3 Idiots' දෙවැනි කොටස තහවුරුයි: අමීර් ඛාන් යළිත් රැන්චෝ ලෙස කරළියට
මෙරට 8 සහ 9 වැනි පාර්ලිමේන්තුවල මුදල් භාවිතය ගැන පූර්ණ විගණනයක්; වාර්තාව මසකින් සභාගත කෙරේ - කතානායක