Business07 June 2026

තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි

OPEC සංවිධානය සිය තෙල් නිෂ්පාදන ඉලක්කයන් මේ මස තුළදීත් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ගෝලීය තෙල් සැපයුම් දාමයට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමකයි.

ඇමෙරිකා - ඉරාන යුද ගැටුම් හේතුවෙන්, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුවීමත් සමඟ, ලෝක ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදයකට ලෝකය මුහුණ දී තිබෙනවා.

මෙම ගැටුම් හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු OPEC සංවිධානයෙහි ප්‍රධාන සාමාජික රටවලට සිය පාරිභෝගිකයන් වෙත නියමිත පරිදි තෙල් සැපයීමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes