ගල් අඟුරු ආනයනයේදී සහ ඒ ආශ්රිත ප්‍රසම්පාදන ක්රියාවලීන්හිදිී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය සාක්ෂි විමසීම ජූලි මස පළමු සතියේදී ආරම්භ කිරීමට නියමිතයි.
ගල් අඟුරු මත පදනම් වූ විදුලිබල උත්පාදනය ආරම්භයේ සිට 2026 අප්‍රේල් 16 දක්වා ගල් අඟුරු ආනයනය සහ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් 17 වනදා මෙම කොමිසම පත්කරනු ලැබුවා.
ඒ අනුව, මේ වන විට අදාළ කොමිසම වෙත පැමිණිලි 28 ක් ඉදිරිපත්ව ඇති අතර, කොමිසම විසින් ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් සහ ගල් අඟුරු ආශ්රිත ගනුදෙනුවලට සම්බන්ධ ආයතනවලට අනුයුක්ත අනෙකුත් පුද්ගලයින් ඇතුළුව රජයේ නිලධාරීන් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර, ගල් අඟුරු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 43.4 ක් වැයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහෙත් පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයේදී ගල් අඟුරු ආනයනය සඳහා වැයවී ඇත්තේ ඩොලර් මිලියන 24.9 ක් පමණයි.
ඒ අනුව පෙර වසරට සාපේක්ෂව අප්‍රේල් මාසයේ ගල් අඟුරු ආනයනයේ වියදම 74.2% කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

Latest News
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026