Business11 June 2026

අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීමේ සැලැස්ම ජුනි 16 දා

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරගත් ජාතික අපනයන වර්ධන සැලැස්ම (Export Growth Plan) ජුනි 16 දා එළිදැක්වීමට නියමිතය.

අපනයන ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීම, නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශය පුළුල් කිරීම, ඉහළ අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ රටේ විදේශ විනිමය ආදායම ශක්තිමත් කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු අතර වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම, ශ්‍රී ලංකාවේ අපනයන අංශයට ඉදිරි වසර කිහිපය සඳහා පැහැදිලි සංවර්ධන මාර්ගසටහනක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කර්මාන්ත, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ සහ සේවා අපනයන ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර රැසක වර්ධනය වේගවත් කිරීම සඳහා ද මෙම වැඩපිළිවෙළ දායක වනු ඇත.

Related recommendation
Hiru TV News | Programmes