නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) 2026 මැයි මාසයේදී අප්‍රේල් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් 56.6ක දර්ශක අගයක් වාර්තා කළේය. සියලුම උප දර්ශක අගයන් මෙම මාසයේදී මධ්‍යස්ථ මට්ටමට වඩා ඉහළින් වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශක අගය ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තම මෙහෙයුම් කටයුතුවලට එල්ල වී ඇති අභියෝග පිළිබඳව තවදුරටත් අදහස් පළ කළහ.
නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශ දායක විය.
සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් 2026 මැයි මාසයේදී 56.9ක දර්ශක අගයක් වාර්තා කළේය.
පසුගිය මාසයේ වාර්තා වූ පහළ යෑමෙන් අනතුරුව 2026 මැයි මාසයේදී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් යළි වර්ධනය විය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය, වෘත්තීය සහ අනෙකුත් පුද්ගලික සේවා උප අංශ දායක වූ අතර, දේපළ වෙළෙඳාම්, තොරතුරු තාක්ෂණ වැඩසටහන්කරණ සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.
2026 මැයි මාසයේදී නව ව්‍යාපාරික කටයුතු ඉහළ ගිය අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ වෘත්තීය සේවා අංශවල වර්ධනය හේතු විය. තොග හා සිල්ලර වෙළෙඳාම, අනෙකුත් පුද්ගලික සේවා සහ භාණ්ඩ ප්‍රවාහන අංශ ද මෙම වර්ධනයට දායක විය.
සේවා ගිවිසුම් කාලය අවසන් වීම, විශ්‍රාම ගැනීම් සහ ඉල්ලා අස්වීම් හේතුවෙන් 2026 මැයි මාසයේදී රැකියා නියුක්තිය පහළ ගියේය.
Latest News
මාලිමා ආණ්ඩුව නිසා අද ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා - නාමල් රාජපක්ෂ
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.22ක් ලෙස සටහන් වෙයි
බ්ලුමැන්ඩල් සංඛ සහ මෝදර නිපුණගේ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
බංග්ලාදේශ මහ කොමසාරිස් සහ බෙල්ජියම් තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
රන් මිල සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!