Business15 June 2026

රන් මිල ඉහළට

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන නිලධාරීන් ඔවුන් අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ, අද (15) දින ලෝක වෙළෙඳපොළේ රන් මිල 2%කින් ඉහළ ගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේව‍ය පවසනවා.

මෙම තත්ත්වය ලෝක තෙල් මිල පහත දැමීමට හේතු වූ අතර, උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත පිළිබඳ පැවති කනස්සල්ල ද ලිහිල් කිරීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ග්‍රිනිච් වේලාවෙන් (GMT) අලුයම 01:22 වන විට, රන් ක්ෂණික මිල (Spot gold) 2%කින් ඉහළ ගොස් රන් අවුන්සයක් ඩොලර් 4,304.11ක් ලෙස සටහන් වූ අතර, එය ජුනි 9 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

අගෝස්තු මාසයේ සැපයුම සඳහා වන ඇමෙරිකානු රන් මිල 2%කින් ඉහළ ගොස් ඩොලර් 4,325.20ක් වුණා.

මෙම ගිවිසුම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes