Sea Master Group සමාගම 2026 ජූනි 11 දින වත්තලදී සිය දෙවන ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය (ILC) උත්සවාකාරයෙන් විවෘත කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ ලොජිස්ටික් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් වීමේ සමාගමේ දැක්ම තවදුරටත් තහවුරු කරයි.
මෙම නව මධ්‍යස්ථානය කොළඹ වරායට කිලෝමීටර් 8–9 ක දුරින් පිහිටා ඇති අතර, පාරිභෝගිකයන්ට වරාය සම්බන්ධ සේවාවන්ට වඩාත් වේගවත් හා කාර්යක්ෂම ප්‍රවේශයක් ලබා දීම මෙහි විශේෂත්වය වේ.
අක්කර 5.5ක භූමියක සංවර්ධනය කර ඇති මෙම නව මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ ලොජිස්ටික් ක්ෂේත්රයට සිදුකළ සැලකිය යුතු ආයෝජනයක් ලෙස සලකන අතර, Sea Master Group සමාගමේ වසර 23ක ගමන් මගෙහි තවත් එක් සන්ධිස්ථානයක් ලෙසද හැඳින්වේ.
Sea Master Group සභාපති තාරික් බූසෝ මහතා සඳහන් කළේ, වත්තල මධ්‍යස්ථානය 2017දී ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ ආරම්භ කළ පළමු ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට පසුව සමාගම විසින් ආරම්භ කළ දෙවන මධ්‍යස්ථානය බවයි.
“Sea Master Integrated Logistics Center යනු අපගේ දැක්මේ සම්පූර්ණ ප්රතිඵලයකි. මෙය ශ්‍රී ලංකාවට උසස් මට්ටමේ සේවාවක් ලබාදෙන අතරම, රට කලාපීය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට දායක වන ලෝක මට්ටමේ වේදිකාවකි,” යැයි ඔහු පැවසීය.
ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක වන අතර, එයට කන්ටේනර් ගබඩා පහසුකම්, කන්ටේනර් අලුත්වැඩියා හා නඩත්තු සේවා සහ භාණ්ඩ රැගත් කන්ටේනර් හැසිරවීමේ පහසුකම් ඇතුළත් වේ.
ඉදිරි මාස හය තුළ දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම ව්‍යාප්තියට තවත් අක්කර 3ක් එකතු වන අතර, නවීන ගබඩා පහසුකම් සහ වැඩිදියුණු කළ කන්ටේනර් ගබඩා හැකියාවද ඇතුළත් වේ.
කළමනාකාර අධ්යක්ෂ අනුරුද්ධ විතානාරච්චි මහතා මෙම ස්ථානයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ අතර, කොළඹ වරායට ආසන්න වීම මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වන බවත්, කාලය ඉතිරි වන බවත්, පිරිවැය අඩු වන බවත් පැවසීය.
Latest News
අමෙරිකා - ඉරාන ගිවිසුම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්රයෙන් පහතට
නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකුට තුවාල
බොර තෙල් මිල පහළට
Sea Master Group ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් Wattala හි විවෘත කරයි
''2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා''- මහ බැංකුව
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
ඩොලරය රුපියල් 04කින් නගී - විකුණුම් අනුපාතය අද රුපියල් 341.36 ක් ලෙස සටහන් වෙයි
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප