ශ්‍රී ලංකාවේ හදිසි ආපදා කළමනාකරණ සහ ගලවාගැනීමේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ආපදා ප්‍රතිචාර හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නෙදර්ලන්තයේ ලොව ප්‍රමුඛතම ගලවාගැනීමේ උපකරණ හා විසඳුම් නිෂ්පාදක සන්නාමයක් වන Holmatro Rescue ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Marlbo Trading Company කටයුතු කර තිබේ.
හදිසි අනතුරු, ස්වාභාවික ආපදා සහ විවිධ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිත කෙරෙන නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ රැසක් Holmatro Rescue සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන අතර, එමඟින් මෙරට හදිසි ප්‍රතිචාර සේවාවන්ගේ කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හදිසි අවස්ථාවකදී සෑම තත්පරයක්ම අතිශයින් වටිනා වේ. වාහනයක සිරවී සිටින පුද්ගලයකු වෙත ඉක්මනින් ප්‍රවේශ වීම, ගිනිගත් ගොඩනැගිල්ලකට ආරක්ෂිතව ඇතුළු වීම, කඩා වැටුණු ව්‍යුහයක් තුළ සිරවූවන් වෙත ළඟාවීම හෝ ආපදා අවස්ථාවකදී වේගවත් ප්‍රතිචාර දැක්වීම වැනි කාර්යයන් සඳහා නවීන ගලවාගැනීමේ උපකරණ සහ තාක්ෂණය අත්‍යවශ්‍ය වේ.
අද වන විට ලොව පුරා රටවල් රැසක ගිනි නිවීමේ හා ගලවාගැනීමේ සේවා, ගුවන් තොටුපොළ ගලවාගැනීමේ ඒකක, හමුදා, පොලිස් විශේෂ ඒකක සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් නවීන ගලවාගැනීමේ තාක්ෂණයන් භාවිත කරමින් ප්‍රතිචාර කාලය අවම කිරීමටත්, ජීවිත බේරාගැනීමේ සාර්ථකත්වය ඉහළ නැංවීමටත් සමත්ව සිටී.
මේ පිළිබඳ අදහස් දැක්වූ Marlbo Trading Company හි සභාපති M. Maniyamuthu මහතා සඳහන් කළේ, “වර්තමානයේ හදිසි හා ආපදා අවස්ථා වඩාත් සංකීර්ණ වන බැවින් නවීන Rescue Equipment සහ Rescue Techniques භාවිතයේ වැදගත්කම පෙර කවරදාටත් වඩා ඉහළ ගොස් තිබේ.”
“Holmatro Rescue සමඟ අපගේ සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ආයතන වෙත ලෝක මට්ටමේ Rescue Solutions හඳුන්වා දෙමින් ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
වසර 50කට අධික කාලයක් පුරා ක්ෂේත්රයේ නායකත්වය දරන Holmatro Rescue, ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක හදිසි ප්‍රතිචාර ආයතන සඳහා Vehicle Extrication Tools, Forcible Entry Solutions, Technical Rescue Equipment සහ Disaster Response Systems සපයමින් ගෝලීය වශයෙන් විශ්වාසනීය ගලවාගැනීමේ සන්නාමයක් ලෙස පිළිගැනේ.
ශ්‍රී ලංකාවේ හදිසි ආපදා සහ ගලවාගැනීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, Holmatro Rescue හි නවීන තාක්ෂණික විසඳුම් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් Marlbo Trading Company විසින් “Holmatro Fire & Rescue Seminar & Live Practical Demonstration” වැඩසටහන සංවිධානය කිරීමට කටයුතු කළේය.
මෙම වැඩසටහන සඳහා ගිනි හා ගලවාගැනීමේ සේවා, මහ නගර සභා, ගුවන් තොටුපොළ ගලවාගැනීමේ ඒකක, සිවිල් ආරක්ෂක අංශ, පොලීසිය, ආපදා කළමනාකරණ ආයතන, කර්මාන්තශාලා හදිසි ප්‍රතිචාර කණ්ඩායම්, වරාය හා උපයෝගිතා ආයතන සහ ආරක්ෂක වෘත්තිකයන්ගේ සහභාගීත්වය විය.
Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්