මොස්කව් නුවර විශාලතම එළිමහන් ප්‍රදර්ශන භූමිය වන VDNH ප්‍රදර්ශන සංකීර්ණයේදී ජුනි 10 සිට 14 දක්වා පැවති 6 වැනි ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක සංසදය (ITF) 2026 සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සාර්ථකව සහභාගී විය.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ චමිල ජයරත්න සහ සහකාර අලෙවි අධ්‍යක්ෂ සසිකා ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මීට අමතරව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මහත්මිය සහ ප්‍රථම වාණිජ ලේකම් සංජීව බණ්ඩාර මහතා ද මෙම දූත පිරිසට එක් වූහ.
රුසියාවේ ප්‍රමුඛතම සංචාරක ඉසව්වක් ලෙස සැලකෙන මෙම සංසදයට නරඹන්නන් 511,000කට අධික පිරිසක්, රටවල් සහ කලාපීය ප්‍රදර්ශන කුටි 180ක් සහ ආයතන 574ක් සහභාගී වූහ. එහිදී ජාත්‍යන්තර සහභාගීත්වයන් 12ක් අතුරින් විශිෂ්ටතම ඇගයීමක් වන ‘Let’s Travel First-Degree Laureate Award’ සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලැබූ අතර, එය ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට හිමිවෙමින් පවතින ඉහළ පිළිගැනීම මැනවින් පිළිබිඹු කරන්නකි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංචාරක හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංසදය වැදගත් වේදිකාවක් විය. නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා රුසියාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි වක්රුකොව් මහතා මෙන්ම ශාන්ත පීටර්ස්බර්ග් සහ ස්වර්ඩ්ලොව්ස්ක් කලාපවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී දෙරට අතර සංචාරක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැති උසස් මට්ටමේ පැනල් සාකච්ඡා දෙකක් සඳහා ද දායකත්වය ලබා දුන්නේය. “ඍජු ගුවන් ගමන්, සරල කළ වීසා ක්‍රමවේද සහ සංචාරක කර්මාන්තයට ඉන් ලැබෙන බලපෑම” සහ “ජාතික වැදගත්කමකින් යුත් සංචාරක ව්‍යාපාරය: ජාත්‍යන්තර සහයෝගීතාවයේ උපායමාර්ගික විභවය” යන තේමාවන් යටතේ පැවති එම සාකච්ඡාවලදී සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම සහ දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු අවධාරණය කළේය.
සංසදයේ වඩාත් ආකර්ෂණීය ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි අතරින් එකක් බවට ශ්‍රී ලංකා කුටිය පත්විය. අලි ඇතුන්ගේ අනුරූ, සාම්ප්‍රදායික සංස්කෘතික නර්තනාංග, ශ්‍රී ලාංකේය තේ රසවිඳීමේ අවස්ථා මෙන්ම වෙරළ තීරයන්, වනජීවී, සුවතා සහ වික්‍රමාන්විත සංචාරක ආකර්ෂණයන් නිරූපණය කෙරෙන ප්‍රවර්ධන ද්‍රව්‍යවලින් එය සමන්විත විය.
මේ හේතුවෙන් විශාල නරඹන්නන් පිරිසක් ශ්‍රී ලංකා කුටිය වෙත ඇදී ආ අතර, මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ රුසියානු සංචාරකයන් ද සිය ධනාත්මක අත්දැකීම් බෙදා ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කළහ.
Latest News
චීන විදේශ ඇමති ඉන්දියාවට
ICC සභාපති දිවයිනට පැමිණෙයි
GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි