Business21 June 2026

ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස්ආර්එම්) මෙරට පාරිභෝගිකයන්ට සමීප කරමින්, හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය CarSwitch (Pvt) Ltd. සමඟ අත්වැල් බැඳගෙන සිය නවතම බලයලත් විකුණුම් ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේදී විවෘත කර තිබේ.

දිවයින පුරා විහිදී ඇති සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කර ඇති අතර, එය උතුරු මැද පළාතේ පාරිභෝගිකයන්ට හේලීස් මොබිලිටි සේවාවන්ට වඩාත් සමීප ප්‍රවේශයක් ලබාදෙයි.

ඒ අනුව වාහන අලෙවිය, විශේෂඥ උපදේශන සේවා මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් ඇතුළු සියලුම පාරිභෝගික අවශ්‍යතා, හේලීස් මොබිලිටි ආයතනයේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය යටතේ එකම වහලක් යටින් ලබාගැනීමට දැන් හැකිය.

CarSwitch (Pvt) Ltd. ආයතනය බලයලත් විකුණුම් නියෝජිතයෙකු ලෙස පත් කිරීම, විශ්වාසදායක දේශීය හවුල්කාරිත්වයන් හරහා ගෝලීය මට්ටමේ ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සමීප කිරීම සඳහා හේලීස් මොබිලිටි ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

එමෙන්ම මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සේවා සැපයීමත්, දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සඳහා හේලීස් මොබිලිටි ආයතනය සතු දිගුකාලීන දැක්ම මනාව පෙන්වයි.

හේලීස් මොබිලිටි ආයතනයේ ලෝක ප්‍රකට රථ වාහන පෙළ පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අනුරාධපුර නව නගරය, ජයන්ති මාවතේ පිහිටි CarSwitch (Pvt) Ltd. ප්‍රදර්ශනාගාරය වෙත පැමිණිය හැකිය.

Related recommendation
Hiru TV News | Programmes