ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම, ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්රයේ කාන්තා දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය.
පාසල් සිසුන්, විශ්වවිද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන, දැනුම හුවමාරු කිරීම, නායකත්ව කුසලතා වර්ධනය සහ වෘත්තීය ජාලගත වීම සඳහා වටිනා වේදිකාවක් බවට පත් විය.
වැඩසටහන සැසි තුනකින් සමන්විත වූ අතර, පෙරවරුවේ පැවති සැසිවලදී පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ඉංජිනේරු වෘත්තියේ අවස්ථා පිළිබඳ දැනුවත් වීමට සහ කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන්ගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව හිමි විය.
Melwa සමාගම සඳහන් කළේ මෙම හවුල්කාරිත්වය කාන්තා ඉංජිනේරුවන් සවිබල ගැන්වීම, නව පරපුරේ ඉංජිනේරු දක්ෂතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා වන තම දිගුකාලීන කැපවීමේ තවත් ප්රකාශනයක් බවයි.
මෙවැනි හවුල්කාරිත්වයන් හරහා රටේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට දායක වන, දක්ෂ, නවෝත්පාදනශීලී සහ අනාගතයට සූදානම් ඉංජිනේරු පරපුරක් බිහි කිරීම තම අරමුණ බව සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
Latest News
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට