ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය 2026 ජූලි 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ අනුව 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ එම සමාගම ඈවර කිරීමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ඇති.
විවිධ නියාමන මැදිහත්වීම් සිදු කළද, මූල්‍ය ව්‍යාපාර පනත අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් 2025 ජූලි 4 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සමාගම පාලන අධිකාරියක් යටතට පත් කර තිබූ බවයි මහ බැංකුව පවසන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලැබුවා.
ඒ අනුව, 2025.07.04 දින සිටම බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාත්, සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාත්, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කළා.
නිරාකරණ අධිකාරිය වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ ස්ථාවරත්වය සහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් අඛණ්ඩව උපායමාර්ගික ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව ද මහජනතාව වෙත දැනුම් දෙනු ලබනවා.
අද්මිනිස්ත්‍රාසිකරු සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් නිරාකරණ ක්‍රියාමාර්ග වලට අනුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි පැවැත්ම තහවුරු කිරීම සඳහා විවිධ ව්‍යුහමය විකල්ප සලකා බැලීම යටතේ, ශක්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම හා දැනට ස්ථාපිත සහ ස්ථාවර බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙත උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් විවෘත ආරාධනයක් නිල වශයෙන් නිකුත් කිරීම ද සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මෙම පුළුල් හා අඛණ්ඩ ප්රයත්නයන් සියල්ල මධ්‍යයේ වුවද, ශක්‍ය සහ දිගුකාලීනව තිරසාර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
එබැවින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි මූල්‍ය තත්ත්වයෙහි අඛණ්ඩ පිරිහීම සහ තවදුරටත් එම තත්වය පැවතීම, තැන්පත්කරුවන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අහිතකර වන බව සලකා බලමින්, නිරාකරණ ක්‍රියාවලියේ අවසන් පියවර ලෙස, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි බලපත්‍රය 2026.07.03 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමටත්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ V වන කොටස අනුව සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් වෙත එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිමය රුපියල් 1,100,000/- දක්වා වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.
එමඟින් සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 99.1% ක් සම්පූර්ණයෙන් පියවීමට හැකි වන අතර, ඉතිරි 0.9% ක් වන තැන්පත්කරුවන්ට ද ඔවුන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 1,100,000/- ලබාදෙනු ඇති.
බලපත්‍රය අවලංගු කරන දිනට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ උපචිත පොලී ඒකාබද්ධ කිරීමෙන් පසුව, ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරනු ලැබේ.
ඉතිරි වන ශේෂයක් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි දක්වා ඇති හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත්ව, ඈවර කිරීමේ ක්‍රියාවලියේදී තැන්පත්කරුවන්ට අය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
බලපත්‍රය අවලංගු කළ දිනයේ සිට වසර 6 ක උපරිම කාලයක් තුළ, එනම් 2032.07.02 දිනැතිව හෝ ඊට පෙර, නිසි ලෙස පිරවූ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තැන්පතු රක්ෂණ වන්දි ලබා ගත හැකියි.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතු සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි ඉල්ලා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, පුවත්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඉදිරියේදී සන්නිවේදනය කරන බව සඳහන්.
එතෙක්, තැන්පත්කරුවන් විසින් තම මුල් තැන්පතු සහතික හා අදාළ අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත, අනෙකුත් ලියාපදිංචි සහතික ආදිය) සූදානම්ව තබා ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු ණයගැතියන්ට තමන්ගේ ණය මුදල් නියමිත කාලය තුළ, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමක් හරහා පමණක් ගෙවන ලෙසත්, එකී ගෙවීම් සම්බන්ධයෙන් නිසි වාර්තා පවත්වාගෙන යන ලෙසයි මහ බැංකුව පවසන්නේ.
නියමිත පරිදි ණය ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීමට ඉඩ ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවට
Local
03 July 2026
රඛිත , චරිත්, අරුණ සමග විජේදාසත් ඩුබායිවල ඉඳලා - අල්ලස් කොමිසම අධිකරණයට කියයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය වැලිමඩ මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට
Local
03 July 2026
පූජිත සහ නිලන්ත කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලිකා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026