ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI) සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2026 ජුනි මාසයේදී 60.0ක අගයක්වාර්තා කළේය.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා සඳහන් කළේ, පසුගිය මාසවලදී ප්රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් වූ බවයි.
පසුගිය මාසයේ වාර්තා වූ ඉහළ ව්‍යාපෘති ප්රදානය කිරීම්වලින් පසුව, ජුනි මාසයේදී නව ඇණවුම් දර්ශකය ද අඩු වේගයකින් වුවද තවදුරටත් වර්ධනය විය.
ඉදිකිරීම් සමාගම් විසින් සේවක බඳවා ගැනීම් තවදුරටත් ඉහළ නැංවීම හේතුවෙන් සේවා නියුක්ති දර්ශකය ද ජුනි මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත්, පවතින පුහුණු සේවක හිඟය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා අවධානය යොමු කළහ.
ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය ද මෙම මාසයේදී ඉහළ ගියේය. එසේ වුවද, විශේෂයෙන්ම බිටුමන් (තාර) වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල පවතින හිඟය ඉදිකිරීම් කටයුතුවල වේගය සීමා කිරීමට හේතු වූ බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා සඳහන් කළහ.
මේ අතර, ඇණවුම් සැපයීම සඳහා සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේදී ද ඉහළ මට්ටමක පැවතුණි.
Latest News
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට