මහජන ආරක්ෂාව තහවුරු කරමින්, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4x4 රථ වාහන ඉටු කරන නීත්‍යානුකූල සහ වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින් සමබර නියාමන රාමුවක් ස්ථාපිත කරන ලෙස 4x4 රථ හිමිකරුවන් ඉල්ලා සිටියහ.
“4x4 රථ නවීකරණය කිරීම් පිළිබඳ ජාතික සංවාදය”යන මැයෙන් අද (31) කොළඹ 07 පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මෙම අදහස් පළ කළහ.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ 4x4 ප්‍රජාව ස්වේච්ඡා පදනමින් ආපදා සහන, මානුෂීය සේවා, පාරිසරික සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, මෝටර් රථ ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති බව ඔවුහු සඳහන් කළහ.
නිසි ලෙස නවීකරණය කර සන්නද්ධ කරන ලද 4x4 වාහන සාමාන්‍ය වාහනවලට ළඟා විය නොහැකි ප්‍රදේශ වෙත ගමන් කළ හැකි බැවින් හදිසි අවස්ථාවලදී අත්‍යවශ්‍ය සම්පතක් බවට පත්ව ඇති බවත්, ජීවිත බේරා ගැනීමේ සහ සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මෙවැනි මෙහෙයුම්වල සක්‍රීයව කටයුතු කරන සංවිධානයක් වන Ironman 4x4 Emergency Response Team Sri Lanka, දිවයින පුරා ස්වාධීන 4x4 රථ හිමියන් සමඟ එක්ව හදිසි ප්‍රතිචාර සහ මානුෂීය මෙහෙයුම් රැසකට දායක වී ඇති බවද සඳහන් කෙරිණි.
මීට අමතරව, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4x4 රථ වාහන ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්රයේද වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඔවුහු පැවසූහ. තරගාවලි අතරතුර ආරක්ෂක සහාය සැපයීම, අනතුරට ලක් වූ වාහන ඉවත් කිරීම, ධාවන පථ වෙත ප්‍රවේශය සැලසීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙම වාහන භාවිත වන බවද ඔවුහු පෙන්වා දුන්හ.
සංචාරක කර්මාන්තය තුළද වගකීමෙන් නවීකරණය කරන ලද 4x4 වාහන විශාල දායකත්වයක් ලබාදෙන බවත්, පරිසර සංචාරක ගමනාන්ත, වනජීවී උද්‍යාන, කඳවුරු ස්ථාන, ස්වභාවික මංපෙත් සහ දුරස්ථ සංචාරක ස්ථාන වෙත ආරක්ෂිත ප්‍රවේශය ලබාදීම තුළින් ග්‍රාමීය සංචාරක කර්මාන්තය සහ දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට දායක වන බවත් සඳහන් කළහ.
කෙසේ වෙතත්, නව රෙගුලාසි හේතුවෙන් ආපදා ප්‍රතිචාර, මානුෂීය සේවා, සංචාරක කර්මාන්තය, මෝටර් ක්‍රීඩා සහ සමාජ සේවා සඳහා භාවිත කරන වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද වාහන අසාධාරණ ලෙස බලපෑමට ලක්විය හැකි බවට ඔවුහු අවධානය යොමු කළහ.
Recovery උපකරණ, Suspension පද්ධති වැඩිදියුණු කිරීම්, Winch, Snorkel, ආරක්ෂිත උපාංග සහ අනෙකුත් ක්‍රියාකාරී උපකරණ වාහන අලංකාර කිරීම සඳහා නොව, දුෂ්කර භූමි ප්‍රදේශවල ආරක්ෂිතව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සඳහා සවි කරන බවද ඔවුහු අවධාරණය කළහ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT/RMV) ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සමඟ සාධනීය සංවාදයක් ගොඩනගා ගනිමින්, 4x4 වාහන හිමියන් ඉටු කරන මහජන සේවාවන් සැලකිල්ලට ගෙන මාර්ග ආරක්ෂාව තහවුරු කරන ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ඔවුහු පැවසූහ.
ශ්‍රී ලංකාවේ 4x4 රථ වාහන ප්‍රජාව නීතියෙන් නිදහස් කිරීමක් ඉල්ලා නොසිටින බවත්, මහජන ආරක්ෂාව ආරක්ෂා කරමින් හදිසි ප්‍රතිචාර සේවා, සංචාරක කර්මාන්තය, මෝටර් ක්‍රීඩා සහ සමාජ සංවර්ධනය සඳහා දායක වන වාහනවල නීත්‍යානුකූල අවශ්‍යතා සැලකිල්ලට ගන්නා සාධාරණ, ප්‍රායෝගික සහ සාක්ෂි මත පදනම් වූ නියාමන පද්ධතියක් ඉල්ලා සිටින බවත් ඔවුහු අවධාරණය කළහ.
Latest News
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ