Business31 July 2026

ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්

ඉන්දියානු නගර, ආර්ථික වර්ධනයේ, නවෝත්පාදනයේ සහ ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාගරික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

මෙම 'නාගරික පරිවර්තන සහ ආයෝජන වැඩසටහන' හරහා ඉන්දියාවේ ප්‍රමුඛ නාගරික අභියෝගතා අරමුදල සක්‍රියව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නාගරික ආයතන ශක්තිමත් කිරීම, ඒකාබද්ධ ආර්ථික හා භූගෝලීය සැලසුම්කරණය ඉහළ නැංවීම සහ නාගරික පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වෙනවා.

මීට අමතරව, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිසර හිතකාමී නාගරික පුනර්ජීවනය, ප්‍රවාහන මුල්කරගත් සංවර්ධනය සහ පොදු ස්ථාන කළමනාකරණය විධිමත් කිරීම ද මෙහිදී ප්‍රමුඛතාව ගනු ලබනවා.

එමෙන්ම, මහ නගර සභා බැඳුම්කර සහ වෙළඳපල පාදක කරගත් වෙනත් මූල්‍ය ක්‍රමවේද හරහා වාණිජ ප්‍රාග්ධනය වෙත ඇති ප්‍රවේශය පුළුල් කිරීමටත්, පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂමතාව සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරෙන ඩිජිටල් පද්ධති හරහා නාගරික පාලනය නවීකරණය කිරීමටත් මෙමගින් පියවර ගැනෙනු ඇති.

ආසියානු සංවර්ධන බැංකුව යනු ඉන්දියාවේ නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ දිගුකාලීන හවුල්කරුවෙක්.
Related recommendation
Hiru TV News | Programmes