දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි.
ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම, ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය ආශ්‍රිතව හෙද නිවාස අටකින් සමන්විත පුළුල් සේවා ජාලයක් පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් විශාලතම ගිලන් රථ සේවා ජාලයටද හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් සමාගම, මෙම සුවිශේෂී වර්ධනයත් සමඟ දකුණු ආසියාවේ විශාලතම වැඩිහිටි සත්කාර සේවා ආයතන අතරට එක්වී ඇත.
හෙද සේවකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ 2007දී සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගම, දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වැඩිහිටි හා රෝගී සත්කාර සේවා ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන එය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලත් ආයතනයක්ද වේ.
කොළඹ 07 ස්ථාපිත නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ආයතනයේ වසර 19ක අඛණ්ඩ සේවා ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීමේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරයි.
Latest News
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
ප්‍රදේශ රැසකට අදත් වැසි
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්