Business21 September 2026

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 7.2%ක් ලෙස වාර්තා වී ඇති බව - ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය ඉහළ යාම බලපා ඇති බවයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත වාර්ෂික පදනමින් මනිනු ලබන ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 4.9%ක් ලෙස සටහන් වුණා.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 9.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes