"රංගනය ඉගෙන ගන්න කැමති දරුවෝ පිරිසක් 2013 දී මගේ නාට්‍ය පාසැල ට අඩිතාලම දැම්මේ. පළමු කාණ්ඩයේ දරුවන්ගේ වැඩමුළුව අවසන් වුණා. ඔවුන් ආරාධනා කළා වේදිකා නාට්‍යකට. මොකද ඉස්සරෝම වැඩමුළුව හින්දා මතක හිටින්නත් ඕනිනේ. 'ගාස්තුව කීයද' බිහිවුනේ එහෙමයි. ඒ මගේ නාට්‍ය පාසලේ මංගල වේදිකා නාට්‍ය... එතකොට 'පරණ පිනක්' පාත් වුනේ (සිනහ වෙමින්) මගේ දෙවෙනි දරු පරපුරේ හැකියාවෙන්...."
ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා අප සමග කතාවට මුල පිරුවේ එහෙමයි.
කලා ශිල්පිනියක් වීමත් පිනක් ..
ආදරය දිනා ගැනීමත් පිනක් ..
දමයන්ති ෆොන්සේකාගෙන් "පරණ පිනක්"

රංගන අත්දැකීම් ලබාදීම ඔස්සේ නවක ශිල්පීන්ට අභ්‍යාස තුළින් ඒවා ක්‍රියාත්මක කල හැකි බව දමයන්ති ෆොන්සේකාගේ ස්ථාවරයයි.
කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමෙන් පසු බොහෝ පාලකයන් මෙරට නාට්‍ය කලාවේ ප්රගමනය උදෙසා කටයුතු නොකළ බව ඇය පවසන්නේ සංවේගයෙන්.
නාට්‍ය ශිල්පීන්ට වර්තමානයේ පුහුණු වීම් කටයුතු සඳහාවත් නිසි ස්ථාන නොමැති බැව් ඇය පවසයි.
මේ අතර නෙලුම් පොකුණ රඟහල නිර්මාණය කර ඇත්තේ නාට්‍ය සඳහා සුදුසු ලෙස නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ. එසේම නාට්‍ය කරුවෙකුට නෙලුම් පොකුණ රඟහලේ ගාස්තු දැරිය නොහැකි බව ද දමයන්ති ෆොන්සේකා සඳහන් කළේ 'අපේ රටේ නාට්‍යකරුවන්ට කාගේ පිහිට දැයි' ප්‍රශ්න කරමින්.
එවැනි තත්වයක් යටතේ වුව ද කලාව වෙනුවෙන් කැපවන බව ඇය සිහිපත් කළා.
දමයන්ති ෆොන්සේකා, සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය අපේක්ෂාවෙන් මේ දිනවල කටයුතු කරන බවද අපට දැනගන්නනට ලැබුනා.
1975 පමණ සිට දේශීය හා විදේශීය රංගන අභ්‍යාස වැඩමුළු ද පවත්වා ජාත්‍යන්තරයේ ද කීර්තිමත් නාමයක් හිමිකරගත් දමයන්ති ෆොන්සේකාගේ නාට්‍ය පාසලේ දෙවන කණ්ඩායම නිර්මාණය කළ 'පරණ පිනක්' වේදිකා නාට්‍ය ලබන සෙනසුරාද (20) ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ මරදාන ටවර් රඟහලේ දී. පස්වරු 3 සහ රාත්‍රී 7 ලෙස දර්ශන දෙකක් ඊට ඇතුළත්. දරුවන්ගේ හැකියාවන් අගය කරන ප්‍රවීන ශිල්පීන් කිහිප දෙනෙක් ද 'පරණ පිනක්' වෙනුවෙන් දායක වන බව දමයන්ති ෆොන්සේකා සඳහන් කළේ කෘතඥ පුර්වකවයි.

Latest News
අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි
Local
29 July 2026
මුහුදු කොල්ලකෑම් සහ තහනම් ධීවර කටයුතු හමුවේ දකුණු අප්‍රිකාව "නිල් ආර්ථිකය" ශක්තිමත් කරයි
Local
29 July 2026
ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවක
Local
29 July 2026
ජපානයේ ප්‍රබල භූමිකම්පනයෙන් 13ක් මරුට
Local
29 July 2026
ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමති
Local
29 July 2026
වලානේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මරුට
Local
29 July 2026
පුනරාවර්තන වියදම් අඩුකර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට අවධානය - ජනපති
Local
29 July 2026
ඉරාකයේ ඉරාන හිතවාදී ඉලක්ක වෙත අමෙරිකා - සවුදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්
Local
29 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා පුණ්‍යකර්මය අද කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් උදෙසා පිදෙන මහා දානමය පින්කමටත් සියල්ල සූදානම්
Local
29 July 2026
පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි
Local
29 July 2026