Entertainment22 January 2026

ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ‘Sinners’ චිත්‍රපටය සමත්ව තිබෙනවා.

හොල්මන් සහ ක්‍රියාදාම (Horror/Action) ගණයේ චිත්‍රපටයක් වන මෙය, මෙවර සම්මාන උළෙල සඳහා අංශ 16ක් යටතේ නිර්දේශ ලබා තිබීම විශේෂත්වයක්.

මීට පෙර ඔස්කාර් ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් (නිර්දේශ 14 බැගින්) ලබාගෙන සම වාර්තාවක් තබා තිබූ සුප්‍රකට චිත්‍රපට ත්‍රිත්වයක් වන, Titanic (1997), All About Eve (1950), La La Land (2016) පසුකර යාමට ‘Sinners’ සමත්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes