අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් මෙතෙක් රහසිගතව තබාගෙන සිටි ලේඛනවල දෙවන කොටස ප්‍රසිද්ධියට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නවතම ලේඛනගත වාර්තාවල අද්භූත කොළ පැහැති ආලෝක ගෝල (green orbs), තැටි හැඩැති වස්තූන් (discs) සහ ගිනි බෝල (fireballs) අහසේ දර්ශනය වූ බවට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ රැසක් ඇතුළත්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝගයකට අනුව මෙහි පළමු ලේඛන සමූහය පසුගිය මැයි 8 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.
1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ UFO පිළිබඳ රජයේ වාර්තා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටතේ, මෙම තොරතුරු ජනගත කිරීමට පියවර ගත් නවතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේද ඔහුයි.
නිල වශයෙන් "හඳුනානොගත් විෂම සංසිද්ධි" (unidentified anomalous phenomena) ලෙස හැඳින්වෙන මෙම ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට දිගු කලක් තිස්සේ මහජනතාව අතර විවිධ අනුමාන සහ කුතුහලයන් ඇති කිරීමට හේතු වූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, "දැන් අමෙරිකානු ජනතාවට මේවා තමන්ගේම ඇසින් දැක බලා ගැනීමට කාලය පැමිණ තිබෙනවා," යැයි ඔහු සිය නිල ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
මෙවර නිකුත් කරන ලද සමස්ත ලේඛන 222 අතර, 1948 සිට 1950 දක්වා කාලය තුළ නිව් මෙක්සිකෝහි පිහිටි 'සැන්ඩියා' (Sandia) නම් අතිශය රහසිගත යුද කඳවුරක් ආශ්‍රිතව සිදුවූ විමර්ශනවලට අදාළ පිටු 116ක විශේෂ වාර්තාවක්ද ඇතුළත්.
ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, එම යුද කඳවුර අවට අහසේ කොළ පැහැති ආලෝක ගෝල, තැටි සහ ගිනි බෝල දර්ශනය වූ අවස්ථා 209ක් පිළිබඳ තොරතුරු මෙම ගොනුවෙහි සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න - විභාග දෙපාර්තමේන්තුව
Local
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තිදෙනෙක් අතුරුදන්
Local
03 June 2026